
(චමිලා අල්විස්)
හොරණ රෝහල් මංසන්ධීයේ පදික මාරුව අසලදී වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මිය ගොස් ඇති අතර තවත් අයකු තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බව හොරණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බැල්ලපිටිය ,සඳගිරි උයන ප්‍රදේශයේ පදිංචි ඔල්වින් ඉන්ද්‍රසිරි නමැති 75 හැවිරිදි විශ්‍රාමික බැංකු නිලධාරියකු වන දෙදරු පියකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
අද පෙරවරු හයට පමණ මොරගහේන ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන වැන් රථයක් හොරණ දෙස සිට අඟුරුවාතොට දෙසට ගමන් කරමින් සිටියදී අඟුරුවාතොට දෙස සිට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹු සැමි යුවළ මෙසේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

