(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
පස්යාල ගිරිඋල්ල මාර්ගයේ විජය රජ දහන ප්‍රදේශයේ සුඛෝපභෝගී ජීප් රියක් හා ත්‍රී රෝද රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රියදුරා මිය ගොස් ඇති අතර අනතුරින් පසු ජීප් රියෙ රියදුරු එහි ගමන් කළ භික්ෂූන් වහන්සේ සිටියදී පලා ගොස් ඇතැයි මිරිගම පොලිසිය කියයි .
මියගොස් ඇත්තේ.මීරිගම පොහොන්නරුව ප්‍රදෙශයේ පදිංචිව සිටි වෘත්තියෙන් කොන්දොස්තරවරයකූ වූ බීඩිි ඇල්ලගේ උපාලි ලලිත් තිලකරත්න නැමති 40 හැවිරිදි එක් දරු පියෙකි.
පස්යාල දෙස සිට පැමිණ ඇති ත්‍රීරෝද රථය දකුණට හැරවිමේදී මීරිගම දෙසින් ්පැමිණි ජිප් රියේ ගැටී ඇතිඅතර බරපතල තුවාල ලත් ත්‍රීරෝද රථ රියදුරු මීරිගම රෝහලට ඇතුලත්කිරීමේදී මිය ගොස් ඇත .
අනතුරට ලක් වූ ජීප් රථය හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ට අයත් එකක් බව ද බුලත්සිංහල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් සමග අනුරාධපුරය බලා ගොස් කරඬුවක් රැගෙන එමින් සිටින අතර දී මෙම අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් පසු එහි ගමන් කළ භික්ෂූන් වහන්සේ සිටිය දී රියදුරා පලා ගොස් ඇතැයි ද රියදුරා සම්බන්ධ නිවැරදි තොරතුරු ලබා දීමට භික්ෂූන් වහන්සේ අසමත් වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි .
වාහන හිමිකරු මාර්ගයෙන් රියදුරු හඳුනාගෙන අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද පොලිසිය සඳහන් කරයි.

