(මොහොමඩ් බුහාර්ඩින්)
ගලේවෙල මොරගොල්ල ප‍්‍රධාන මාර්ගයේ හොම්බාව විදුහල අසළදී මාර්ගයේ යතුරු පැදියේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට රිය පැදවූ යතුරු පැදිකරුවකු විදුලි කණුවක ගැටී සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලබා රොහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
අද(15) උදෑසන මෙම අනතුර සිදුවි තිබේ.
ගලේවෙල දඹගහමුල මංසංධියේ සිට නිවස බලා යතුරුපැදියෙන් යමින් සිටි අයෙකු පැදවු යතුරුපැදිය හොම්බාව විදුහල අසළ වංගු සහිත ස්ථානයකදි එහි වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබු විදුලි රැහන් කණුවක ගැටී ඇත. තුවාල ලැබු යතුරුපැදිකරු ගලේවෙල දිසා රොහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කළ මුලික විමර්ශන වලදි හෙළි වී ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල කටුපොත ප‍්‍රදේශයේ පදිංචි කේ පි එම් එම් ඉන්දික නිශාන්ත නැමති 44 හැවිරිදි දෙදරු පියෙකු වන ඔහු ප‍්‍රදේශයේ විදුහලක මුරකරුවෙකු ලෙස සේවය කරන බව පොලිසිය පවසයි.