(ජයන්ත සමරකෝන්)
අධිවේගී මාර්ගයේ දෙපස හා ආසන්නයේ ප්‍රදර්ශනය කෙරෙන අනවසර දැන්වීම් පුවරු සියල්ල ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
රිය අනතුරු වැඩි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද අධිකාරිය සඳහන් කළේය.
මෙම පුවරු ඉවත් කිරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් අදාල ප්‍රාදේශිය පාලන අධිකාරිය දැනුවත් කර ඇතැයිද එහි නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පවසයි.
අධිවේගී මාර්ගයේ සිමාවේ සිට මීටරු 60 ක දක්වා දැන්වීම් පුවරු ප්‍රදර්ශනය තහනම් වන අතර එය නොතකා මෙම කාර්ය වැඩි වශයෙන් සිදු කරගෙන ගොස් ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.



