පුෂ්පකුමාර මල්ලවආරච්චි
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගනේගොඩ ප්‍රදේශයේ වැඩ බිමකින් රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනා දැවැන්ත යකඩ කඳන් තොගයක් හා තහඩු ඇතුළු දේපල සොරාගෙන ගිය බව කියන වැඩබිමේ සේවකයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් හත් දෙනකු සොරාගත් යකඩ තොගය හා ප්‍රවාහනය කළ ලොරි දෙකක්ද සමග අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
ගනේගොඩ වැඩබිමෙන් යකඩ තොගයක් සොරාගෙන ඇති බවට ඉදිකිරීම් ආයතනයෙන් ලැබුණු පැමිණිල්ලක් පිලිබදව විමර්ශනය කිරීමේදී හෙලිවූ තොරතුරු අනුව මෙම සැකකරුවන් හා ඔවුන් සොරාගත් යකඩ තොගය සොයා ගැනීමට හැකිවී ඇත.
වැඩබිමේ ආරක්ෂකයකු තවත් සේවකයකු බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු හා එක්වී මෙම සොරකම සංවිධාන කර ඇතැයිද ඒවා මිලදී ගත් පුද්ගලයා, භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරියේ රියදුරා හා සොරාගත් යකඩ තොගය විකිණිමට සහායවූ බව කියන බෙම්මුල්ල ප්‍රදේශයේ වෙසෙන තැරුව්කරුවා හා සහායකයකුද මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වේ .

