දයාරත්න ඇඹෝගම)
අධිරාණිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු නවයක සහ දස හැවිරිදි වියේ පසුවන පාසල් දැරියන් දෙනෙකු අප යෝජනය කළ බව කියන වයස අවුරැදු 23 ත් 24 ත් අතර වියේ පසුවන තරැණයන් දෙදෙනෙකු මේ මස 16 හා 17 යන දිනයන්හි අත්අඩංගුවට ගත් බවත් එක් සැකකරුවකු වයස 10 ක බාල වයස්කාරයකු නිසා ඔහු අත්අඩංගුවට ගැනිම සදහා නීතිපතිවරයා ගෙන් උපදෙස් පතා ඇති බවත් ප්‍රියංකරගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිරාණිගම,හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 23 ත් 24 ත් අතර වියේ පසුවන තරැණයන් දෙදෙනෙකි.
ප්‍රියංකරගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්.ඒ.එල්.වික්‍රමගේ මහතා විසින් අධිරාණිගම ප්‍රදේශයේ පාසලක ඉගෙණුම ලබන 02 වන වසරේ සිට 05 වසරේ සිසුදරැවන් වෙනුවෙන් ළමා අපයෝජනය පිළිබදවත් ඉන් වැලකෙන්නේ කෙසේද යන්න පිළිබදවත් දිර්ඝ ලෙස පැහැදිලි කොට තිබේ.
එම පැහැදිල කිරිමෙන් පසුව එවන් කරදරයකට කවුරුන් හෝ මුහුණපා ඇත්නම් තමන්ට දන්වන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම සිසු දරුවන් ගෙන් ඉල්ලා සිටියේය.
පාසලේ විදුහල්පතිතුමා නොමැති නිසා තමන් විදුහල්පතිවරයාගේ කාමරයේ සිටින බවත් සිසු දරුවන්ට කිසිවකු ගෙන් හෝ යම් කරදරයක් සිදුවි ඇත්නම් තමන්ට දන්වන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයා දරුවන් ගෙන් මෙහිදි ඉල්ලමක් කොට තිබුණි.
එම ඉල්ලිම අනුව විදුහල්පතිවරයාගේ කාමරයේ රැදි සිටි පොලිස් ස්ථානාධිපතිවරයා වෙත හැඩු කදුලින් යුක්තව පැමිණි වයස අවුරැදු 09 ක දැරියක් හා 10 හැවිරිදි දැරියක් තමන්ට අයියලා දෙනෙකු කරදරයක් සිදු කළ බවට ප්‍රකාශ කොට තිබුණි.
නව හැවිරිදි දැරිය කියා සිටියේ සිය නිවසේ මංගල සාදයක් පැවැත්විමට පෙර නිවසේ තීන්ත ගෑමට පැමිණි අසල්වාසි අයියා කෙනකු තමන්ට ශාරිරික හිරි හැරයක් කළ බවයි.
දස හැවිරිදි දැරිය කියා සිටියේ තමන්ට වසර තුනකට පෙර සිට මේ දක්වාම අසල්වාසි නිවසක අයියා කෙනකු ශාරිරික කරදරයක් කරන බවයි. ඊට අමතර තම පන්තියේම ඉගෙන ගන්නා සිසුවකුද තමන්ට ශාරිරික කරදරයක් කළ බවයි.
එම සිසුවා වයස 10 ක බාල වයස්කාරයකු නිසා ඔහු අත්අඩංගුවට ගැනිම සදහා නීතිපතිවරයා ගෙන් උපදෙස් පතා ඇතිබව පොලිස් ස්ථානාධිපතිවරයා මෙහිදි පැවසිය.
නව හැවිරිදි දැරිය අපයෝජනය කළ හල්මිල්ලැවේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයා 17 වැනි දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

