
(පී.බී.ගාර්දිය වසම්)
තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙ දී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී ඉකුත් 15 වැනි දා පළා ගිය මත් ලෝලියකු කුඩාවැල්ල ධීවරවරායේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි.
සැකකරු මත් ද්‍රව්‍ය පානයට අමතරව නිවාස, කොල්ල කෑම් රැසකට සම්බන්ධ අයකු බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

