
(යොහාන් භාසුර)
ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් ඒවා මිලදී ගැනීමට කොළඹ ප්‍රදේශයේ ජනතාවට දිගු පෝලිම්වල පැය ගණනන් ගතකිරීමට සිදුවීමෙන් ඔවුහූ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මෙහිදී ඇතැම් පවුල්වල සියලුම සාමාජිකයන්ට පෝලිම්වල කාලගත කිරීමට සිදුවීමෙන් කුඩා දරුවන් ද අපහසුතාවට පත්ව සිටින ආකාරය දැකගත හැකිය.
මාලිගාවත්ත, ඔරුගොඩවත්ත සහ දෙමටගොඩ ආදි ප්‍රදේශවල පෙට්‍රල් හිඟයක් පැවතීමෙන් ත්‍රිරෝද රථ දිගු පෝලිම් දැකිය හැකිය.
(ඡායාරූප: ශාන්ත රත්නායක සහ හිමත් මතීෂ)






