
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)
අද මැතිසබා විවාදය දිගටම පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු එකඟ වූහ.
මේ අනුව අද දිවා විවේකයද නොමැතිව මැති සබා රැස්වීම පැවැත්වේ.
මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට මන්ත්‍රීවරුන් ගණනාවක්ම සිටින හෙයින් අමතර කාලය අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අයවැය අවසාන ඡන්ද විමසීම සවස 6.00ට පැවැත්වීමට නියමිතය.

