(යොහාන් භාසුර)
දුම්රිය ධාවන වාර රැසක් අද (17) පෙරවරුවේ ද අවලංගු කළ බව දුම්රිය මෙහෙයුම් මැදිරිය පැවසීය.
දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතාගෙන් මෙම තත්වය පිළිබඳව අද දහවල් කළ විමසුමකදී පැවසුවේ ප්‍රධාන මාර්ගයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හැරෙන්නට එතරම් ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කළ බවය.
දුම්රිය රියදුරන් වැඩි සංඛ්‍යාවක් සේවයට වාර්තා කළ බව කී ඒ මහතා රියදුරන්ගේ ගැටලුවක් නොමැති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

