(රංජන් කස්තුරි)
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද (11) රාත්‍රීයේ සිට සංශෝධනය වීමට නියමිතව තිබුණද එසේ නොවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වැනිදින ඉන්ධන මිල සංශෝධනය කෙරෙන අතර මේ මස 10 වැනිදා නිවාඩු දිනයක් වූ බැවින් මිල සංශෝධනය අද (11) සිදු කිරීමට නියමිතව තිබූ බව මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග අනාවරණය කළේය.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේ. අද මධ්‍යම රාත්‍රීයේදී මිල සශෝධනයක් සිදු නොවනු ඇති බවය.

