අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි


 පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කරනු ලැබු අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත විය .


පක්ෂව ඡන්ද 102 ක් ලැබුණු අතර  විපක්ෂව ඡන්ද 06 ක් ලැබි තිබිණි.


දෙමළ ජාතික සන්ධානය අතුරු සම්මත ගිණුමට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ  විපක්ෂව ඡන්දය ලබා දුන්නේය.

ඡන්දය විමසන අවස්ථාවේ  එක්සත් ජනතා නිදහස් සන්ධානය  සභාවේ  සිටියේ නැත.

 

(36698)