(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය සේවා ආයතනවල ප්‍රධානීන් ඉල්ලීම් කරන්නේ නම් එම ආයතනවල සේවකයන්ට පමණක් ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා ලංගම බස් ලබාදෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
අත්‍යවශ්‍ය සේවා සඳහා වන විශේෂ බස් හැරෙන්නට මගී ප්‍රවාහන දුම්රිය හෝ ලංගම හෝ පෞද්ගලික බස්රථ ධාවනය නොවන බවත් අත්‍යවශ්‍ය සේවා පුවරු ප්‍රදර්ශනය කරමින් නීතිවිරෝධී ලෙස ධාවනය කරන බස් රථ සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

