අත්‍යවශ්‍ය ආහාර වැඩි මිලට විකිණූ 7 ක් අල්ලති


(මහින්ද නිශ්ශංක)

කොරෝනා වයිරසය මධ්‍යයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කළ කොළඹ දිස්ත්‍රික්කයේ වෙළඳුන් හත් දෙනකු අද (13) දිනයේ අල්ලා ගැනීමට හැකි බව පාරිභෝගික අධිකාරිය පවසයි.

අත්‍යවශ්‍ය ආහාර වැඩිමිලට අලෙවි කරන බවට ලැබුණු තොරතුරු මත ඊයේ (12) රාත්‍රීයේ සිට අධිකාරිය මගින් සිදුකළ වැටලීම් වලදී මෙම වෙළඳුන් අද (13) දින අල්ලා ගැනීමට හැකිවූ අතර ඔවුන්ට විරුද්ධව ඉදිරියේ නඩු පවරන බව අධිකාරිය පවසයි.