අත්තනගල්ලේ ගමකට කොටි පැනලා


(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)

අත්තනගල්ල අලවල ඇතාවුඩකන්දේ සුසාන භූමියකයට කඩාවැඳුණු දිවියකු එහි සිටි ගවයන් දෙදෙනකු මරා කා දමා ඇතැයි අත්තනගල්ල පොලිසිය පවසයි.

සුසාන භූමියේ බැඳ සිටි එක් එළ ගවයකු මරාදමා ඇති බව ද අනෙක් මරා කන අයුරු ගවයන්ගේ හිමිකරු දැක ඇත.

ඒ අවස්ථාවේ බියට පත් වූ ගවයන්ගේ හිමිකරු අසල ගසකට නැඟ කෑ ගසා ඇති අතර ඒ අවස්ථාවේ කොටියා කැලයට ගිය බව ද ඔහු පවසයි.

පසුව ඒ සම්බන්ධයෙන් ඔහු ඥාතීන්ට දුරකතනයෙන් දැනුම් දී ඔවුන් පැමිණි පසු ගසෙන් බැස ගොස් බලන විට ගවයන් දෙදෙනා මරා එක් ගවයකුගේ බෙල්ල ප්‍රදේශයේ මස් කා දමා තිබූ බව ද ඔහු කියයි.