
(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
බදුල්ල වේවැල්හින්න බලගොල්ල ප්‍රදේශයේ නිවසක අගුපිළක නිධන් හාරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .
මොවුන් විසින් නිධන් හෑරීමට යොදා ගත් උදලු 2ක් අලවංගුවක් ,බාල්දි ,පන්දම් , දෙහිගෙඩි , තැබිලි , තෙල් වර්ග සුවද දුන්, පූජා භාණ්ඩ ඇතුලු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .
අම්පාර නවගම්පුර , අම්පාර අලුත්වෙල දේවාලේහිද, දබුල්ල ලේනදුව 38 කනුව ප්‍රදේශ වල පදිංචි අවුරුදු 23 ,27, 48, 49 වයසේ පසුවෙන සිව්දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .
බදුල්ල පොලිස් ජංගම මුර සේවා රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකරන විටත් සැකකරුවන් වේවැල්හින්න බලගොල්ල ප්‍රදේශයේ නිවසක අගුපිළක මෙසේ නිධන් හාරමින් සිටි බවත් පොලිසිය සදහන් කළේය .

