(මහින්ද නිශ්ශංක)
ලබන 1 දා සිට මරදාන - බෙලිඅත්ත සහ බෙලිඅත්ත - මරදාන අතර ධාවනය කෙරෙන ගාලු කුමාරි දුම්රිය සඳහා ඉන්දියාවෙන් ආනයනය කළ එස් - 13 වර්ගයේ නවීන ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් ධාවනයට යොදවන බව දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලය පවසයි.
මෙම නවීන බලවේග කට්ටල දුම්රියට වායු සමනය කළ මැදිරි දෙකක් ද එක්කර තිබෙන බව නියෝජ්‍ය වාණිජ අධිකාරි ඩබ්ලිව්.සී.රංජිත් පත්මලාල් මහතා පැවසීය.
දැනට මෙම ගාලු කුමාරි දුම්රිය සඳහා යොදවා තිබෙන්නේ එස් - 12 වර්ගයේ බලවේග කට්ටල දුම්රියකි. නව දුම්රිය සඳහා වායු සමනය කළ මැදිරි දෙකක් ද ඇතුළත් වේ.

