
පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රීවරුන් සඳහා සකස් කර ඇති අයදුම්පත (අන්තර්ජාලය ඔස්සේ) පුරවා සිය ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය වෙත ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(11) කටයුතු කළේය.
නවවැනි පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් අරලියගහ මන්දිරයේදී සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසු ඒ මහතා මෙලෙස අයදුම්පත පුරවා එම තොරතුරු ලබාදුන්නේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා, සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා ඇතුලු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

