අගමැති ජපන් මිතුරාට සමු දෙයි


(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයට පැමිණ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය  ෂින්ෂෝ අබේ මහතාගේ අභාවය වෙනුවෙන් අද (12) සටහනක් තබා ශෝකය පළ කළේය.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දිගුකාලීන  දේශපාලන මිතුරෙකි.මීට ඉහත රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී ෂින්ෂො අබේ මහතා ජපාන අගමැති ලෙස ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලී ප්‍රතිපත්තියකින් කටයුතු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය වරයා ජපානයේ නාරා හි දේශපාලන කටයුත්තක නිරත වෙමින් සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඉකුත් 8 වෙනිදා ජීවිතක්ෂයට පත්විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිඬෙකි මහතාද සහභාගී විය.