අගමැති අරලියගහ මන්දිරේට නොයයි


(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 50කින් කපා හැරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර උපදෙස් ලබා දී තිබූ අතර එම වියදම් කපා හැරීම තමාට ද අදාළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

තම පෞද්ගලික නිවසේ පදිංචිව සිටින අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය  කාර්යාලයේ සිට රාජකාරී කිරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

මේ අතර යහපාලන ආණ්ඩුව  පැවති සමයේ දී ද රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පදිංචියට නොගිය බවත් රාජකාරි කටයුතු සඳහා පමණක් අරලියගහ මන්දිරය පාවිච්චි කළ බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.