අකුරළ මුහුදේ සිසුන් තිදෙනෙක් ගසාන යති


(එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ අකුරළ වෙරළ තීරයෙ අද (13) පස්වරුවේ දිය නාන්න ගිය පාසල් සිසුන් තිදෙනකු ගසා ගෙන ගොස් ඇති අතර ඉන් දෙදෙනකු බේරාගෙන අනෙක් සිසුවා අතුරුදහන්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ අතුරුදහන්වී ඇත්තේ මීටියාගොඩ වෙදවත්ත ප්‍රදේශයේ පදිංචි අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එච්.බී.සංජන නමැති 17 හැවිරිදි පාසල් සිසුවා බවද පොලීසිය කියයි.

දියේ ගසාගෙන ගිය අනෙක් සිසුන් දෙදෙනා ප්‍රදේශවාසීන් මුහුදට පැන බේරාගෙන ඇති බවද පොලීසිය කියයි.

බේරාගත් සිසුන් දෙදෙනා ප්‍රතිකාර සදහා බළපිටිය රෝහලට ඇතුලත් කළ බවද පොලීසිය කියයි. ඔවුන් දෙදෙනාගේ තත්වයද බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

අවුරුදු නිවාඩුව නිසා මේ සිසුන් තිදෙනා මිතුරකුගේ නිවසකට යනවා යයි සිය නිවෙස්වලට දන්වා මුහුදේ නාන්න ගොස් සිටියදී හදිසියේ ආ රළ පහරකට ගසාගෙන ගොස් ඇති බවද පැවසේ.