අකුණක් වැදී සැමියා මරුට බිරිය රෝහලේ


(දයාරත්න ඇඹෝගම සහ බී.ජී චතුරංග)

ඉහළ සිංහාරගම වැව් පිටියේදි අඹුසැමි යුවලකට අකුණු පහරක් වැදිමෙන් 45 හැවිරිදි සැමියා ජිවිතක්ෂයට පත්ව බිරිද බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇතැයි ගාලදිවුල්වැව පොලිසිය කියයි.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්දිවුල්වැව,රලපනාව ජනපදයේ පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ නිලාන් ජානක හෙට්ටිආරච්චි(45)නැමති අයෙකි.

මියගිය අය සිය 39 හැවිරිදි බිරිදත් සමග තණ කැවිම සදහා ඉහළ සිංහාරගම වැව් පිටියේ ගැට ගසා සිටි ගවයන් නිවසට රැගෙන යාමට ගොස් සිටි අවස්ථාවේදි ධාරාණිපාත වර්ෂාවත් සමග පතිත වුන අකුණු පහරක් වැදිම නිසා දෙදෙනාම බරපතල පිළිස්සුම් තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් ප්‍රතිකාර ලබමින් සිටි සැමියා මිය ගොස් ඇති අතර බිරිද තව දුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

සිද්ධිය සම්බන්ධයෙන් ගාලදිවුල්වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.