
(කාංචන කුමාර ආරියදාස)
අනුරාධපුර පලුගස්වැව හොරිවිල අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹුවන් විනාශ කර ඇතැයි ගොවීහු පවසති.
විශාල බඩඉරිඟු වගාව ඇති හොරිවිල හේන් සියල්ලම සේනා දළඹු ව්‍යාප්ත වී ඇතැයි ද මෙතෙක් කිසිදු වගකිව යුතු බලධාරියෙකු පැමිණීම සොයා බැලීමක් සිදු නොකළ බව ද ගොවීහු චෝදනා කරති.
වෙළඳපලේ ඇති විවිධ කෘමි නාශක භාවිතා කළ ද මෙවර වගාවට හානි කරන සේනා දළඹු විශේෂය විනාශ නොවන බව හොරිවිල ගොවීහු පවසති.
බීජ සහ බිම් සැකසීම සදහා විශාල මුදලක් වියදම් කර මෙවර සියලුම ගොවීන් අක්කර 1500 ට වඩා භූමියක බඩ ඉරිඟු වගා කර ඇත.
මේ වන විට සියලුම ගස් සේනා දළඹුවන් කා දමා ඇතැයි ද දින කිහිපයක් ඇතුළත මෙම සේනා ප්‍රහාරයෙන් වළක්වා නොගතහොත් අක්කර 1500 ක බඩඉරිඟු අස්වැන්න රටට අහිමි වන බව ද ඔවුහු පෙන්වා දෙති.

