iell


බිමල් ශ්යා්මන් ජයසිංහ 

පිටකොටුව බැස්ටියන් මාවතේ දී පුද්ගලයෙකුට  වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්  යොදා ගත් යතුරු පැදිය ලබාදුන් සහ  සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

සැකකරුවන් සමග හොරයින්  මත්කුඩු ගෑම්  6,  මිලිගෑම් 120 ක් භාරයට ගෙන ඇත

ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ  විමර්ශන වලදී  යතුරුපැදිය  සම්බන්ධයෙන් ලද තොරතුරක් අනුව පිලියන්දල මකුළුදූවේ දී එම යතුරු පැදිය සහ එය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ වැඩිදුර විමර්ශන  යතුරුපැදිය ලබාදුන්  පුද්ගලයා මට්ටක්කුලිය සමිත් පුර ප්රවදේශයේ දී මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

මට්ටක්කුලියේදි අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායි සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සමඟ සම්බන්ධතා පවත්වන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි


සැකකරුවන් අලූත්කඩේ මහේස්ත්රා්ත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ම වයස අවුරුදු 32 , 37  අතර පසුවන  මට්ටක්කුලිය හා හෝමාගම පදිංචිකරුවන්ය

කොළඹ අපරාධ  කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල්  ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ