9904 දෙනකුට උසස් පෙළ ඉහළම ප්‍රතිඵල


(රංජන් කස්තරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේදී සිසුන් 9904 දෙනකු විෂයන් තුනටම ‘‘ඒ.‘‘ සාමර්ථ ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ජීව විද්‍යා අංශයේ සිසුන් 817 දෙනකු, ගණිත අංශයෙන් සිසුන් 1088 දෙනකු, වාණිජ අංශයෙන් සිසුන් 4198 දෙනකු කලා අංශයෙන් සිසුන් 3622 දෙනකු ඉංජිනේරු තාක්ෂණ වේදය අංශයෙන් සිසුන් 90 දෙනකු, ජෛව පද්ධති  තාක්ෂණ වේදය අංශයෙන් සිසුන් 73 දෙනකු සහ  විවිධ විෂය ධාරාවන්ගෙන් සිසුන් 36 දෙනු වශයෙන් විෂයයන් තුනටම ඒ සමාර්ථ ලබා සිටින බව ද විභාග කොමසාරිස්වරයා කීය.