60ට එරෙහිව වෛද්‍යවරුන්ගේ පෙත්සමට දුන් තීන්දුව


(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම බලාත්මක කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ රාජ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන්ට අදාළව විශ්‍රාම ගැන්වීම ලබන වසරේ ජනවාරි 25 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීම අත් හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු නියෝගය නිකුත් කළේ විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක් සළකා බැලීමෙන් පසුවය.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.