2024 ජනතාව තවත් පීඩාවට පත්කරන වසරක් වෙයි


(නිමල කොඩිතුවක්කු)

රජයේ ක්‍රියා කලාපය හේතුවෙන් ආර්ථිකය තවත් කඩා වැටී ජනතාවගේ පීඩාව තවත් වැඩිවන අවුරුද්දක් බවට 2024 අවුරුද්ද පත්වනු  ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

2024 අයවැයෙන් සහන රැසක් ලැබෙයි කියා ජනතාව බලාපොරොත්තුවන් සිටයත් අයවැයෙන් ලැබී තිබෙන්නේ සහන නොව අධික බදු බරක් බවත් මහලේකම්වරයා පැවසීය.

වැට් බද්ද සියයට 18 ක් දක්වා වැඩි කිරීමෙන් ජනවාරි පළමු වැනිදායින් පසුව සෑම ඉන්ධන ලීටරයක්ම රුපියල් 60 ත් 70 ත් අතර මුදලකින් වැඩි වීමට නියමිත බවත් ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ලේම මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කීවේය.