(යොහාන් භාසුර)
මහනුවර - මහියංගනය මාර්ගයේ 18 වංගුව ආශ්‍රිත මාර්ග කොටස රාත්‍රී කාලයේ පමණක් නැවත දැනුම් දෙන තෙක් වසා තැබීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව සෑම දිනකම රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා එම මාර්ගයේ වංගු සහිත කොටස වසා තැබෙන බවත් ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බවත් එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.

