පා.මන්ත්‍රී පුත් රඛිත රාජපක්ෂට ඇප


 

(නිමන්ති රණසිංහ)

රාජගිරිය ගුවන් පාලම අසලදී රිය අනතුරක් සිදු කර එය වළාක්වා නොගත්තැයි  වැලිකඩ පොලිසිය අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි පුත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ප්‍රභාගරන්  මහතා නියෝග කළේය.

දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන  සැකකාර නීතිඥවරයා  පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් මෙම නියෝගය කළේය.

රතුඑළිය මාර්ග සංඥ නිකුත් කර තිබියදී රිය ධාවනය කර මෝටර් රථ ආඥාපනත ප්‍රකාරව අනතුරක් සිදු කිරීම, අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා මත මෙම සැකකරු අද වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)