IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


සෞඛ්‍ය ඩිජිටල් කරන මූලික පියවරක් තබයි

(අංජුල මහික වීරරත්න)

ප්‍රාථමික සෞඛ්‍ය සේවා  ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය  (Cluster Health Information System - CHIS) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  තඹුත්තේගම මුලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් දියත් කෙරිණි.

මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය, මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

මෙය සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගෙනයනු ලබන වැඩපිළිවෙළෙහි  තවත් එක් කොටසක් වන බව නලින්ද ජයතිස්ස මහතා මෙහි දී කීය.

මෙම සෞඛ්‍ය පද්ධතියෙන් සම්පත් වඩාත් හොඳින් භාවිතා කිරීමටත්, පුළුල් සංවිධානාත්මක සත්කාර සේවාවක් ලබාදීමටත් එමෙන්ම දත්ත මත පදනම් වූ තීරණ වේගවත් ව ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය මඟින් ඉහළම විශේෂඥ සත්කාර සපයන රෝහලක් වටා ඇති රෝහල් සහ සායන "පොකුරු" ලෙස කාණ්ඩගත කර ඇති බවත්, එමගින් රෝහල් සහ සායනවල සිටින බලයලත් වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට රෝගියාගේ සෞඛ්‍ය වාර්තා, X-ray, රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල, බෙහෙත් වට්ටෝරු සහ ප්‍රතිකාර මෙන් ම  රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳ දත්ත අධ්‍යයනයට ඉඩ සැලසෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එමගින්  රෝගියාගේ සෞඛ්‍යය පිළිබඳ නිසි දත්ත සහ කරුණු ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යයනය කර හැකි බැවින් නිවැරදි ප්‍රතිකාර ලබා දීමට  පහසු වන බව ද පැවසී ය.

එමෙන් ම රසායනාගාරයක් නොමැති ප්‍රාදේශීය රෝහලක් නම් එකම පොකුර තුළ ඇති රෝහලකට පරීක්ෂණ සාම්පල යැවිය හැකි වන පරිදි මෙම පද්ධතිය සකස් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙය නැවත නැවත පරීක්ෂණ කිරීම අඩු කිරීමට ද බෙහෙවින් උපකාරී වෙමින් රෝගීන්ට අවශ්‍ය සත්කාර කාර්යක්ෂමව ලබා ගැනීමට වඩාත් පහසු වන බව ද  වැඩිදුරටත්  පැවසී ය.



අදහස් (1)

සෞඛ්‍ය ඩිජිටල් කරන මූලික පියවරක් තබයි

Chinthaka Herath Friday, 06 June 2025 04:19 PM

WSO2 එකට දුන්නා නම් ඉවරයි. එයලාට ඕවා කජු කනවා වගේ වැඩ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 303 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 300 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 460 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site