IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


අගමැතිනිය ජපානයට ස්තූති කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවි සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී අද (6) පැවැත්විණි.

මෙම හමුවේ දී, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අඛණ්ඩව සහාය වීම සඳහා JICA ට ඇති හැකියාව පිළිබඳ ඔහු යළිත් අවධාරණය කළේය. නව පත්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය කුරෝනුමා මහතාට සුබ පැතූ අතර, JICA විසින් ශ්‍රී ලංකාවට සපයන තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳව ස්තුතිය ද පළ කළාය. තාක්ෂණික අංශයේ සහයෝගිතා ඉලක්ක සඳහා වන වගවීම, විනිවිදභාවය සහ සියලු දෙනාම ඇතුළත් වන නව ප්‍රතිසංස්කරණ සඳහා රජයේ කැපවීම පිළිබඳවද අගමැතිනිය මෙහිදී අවධාරණය කළාය.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වන අධ්‍යාපනය ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු විය. දෙරට අතර සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට සියලුම අංශවල විශේෂ අධ්‍යාපන ඒකක ස්ථාපිත කිරීම, ගුරු පුහුණු විෂයමාලා සංශෝධනය කිරීම සහ ප්‍රධාන අවශ්‍යතාවයන් තක්සේරු කිරීම ඇතුළත් වනු ඇත. එසේම වෘත්තීය පුහුණුව, විදේශ රැකියා අවස්ථා සහ ජපානයේ රැකියා අවස්ථා සොයන ශ්‍රී ලාංකිකයන් සඳහා ජපන් භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම කෙරෙහි ද මෙහි අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාවට JICA ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන නියෝජිතයින් ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය, සහකාර අධ්‍යක්ෂ ගයංගා ඩයස් යන මහත්ම මහත්මීන් මෙන්ම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.



අදහස් (1)

අගමැතිනිය ජපානයට ස්තූති කරයි

Toni Friday, 06 June 2025 04:43 PM

වැඩක් නැහැනේ... රංවලගේ සහතිකය දුන්නේ නැහැනේ...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 300 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 300 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 460 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site