
(පද්මා කුමාරී කංකානම්ගේ)
වසර 30 කට පසු කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ පනයඩිය රෝමානු කතෝලික විදුහලේ ඉදිකළ නව පාසල් ගොඩනැගිල්ල අද (16) සිසු අයිතියට පත්කෙරිණි.
නොරොච්චෝල ලක් විජය බලාගාරයේ අනුග්‍රහයෙන් ඉදිකළ මෙම නව ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 44 ක මුදලක් වැය වී තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ ජනතා අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එච්.එම්.ඒ. හේරත් සහ ලක් විජය බලාගාරයේ බලස්ථාන කළමණාකාර ඉන්ද්‍රසිරි ගාල්ලගේ යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා කල්පිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා දීප්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.






