ඉල්ලීම් කිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද (26) අසනීප නිවාඩු ලබා සේවයට වාර්තා නොකිරීමෙන් පාසල් සිසුහු දැඩි අපහසුතාවට පත්වූහ.
ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ඇති ගැටළු සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් සඳහා රජය කිසිදු පියවරක් නොගැනීම නිසා මෙවැනි ක්‍රියා මාර්ගයක් ගත් බව ගුරුවරු සහ විදුහල්පතිවරු පැවසූහ.
ලංකා ගුරු සංගමය, ලංකා සේවා ගුරු සංගමය, සමස්ත ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමය, සහ අධ්‍යාපන සේවකයන්ගේ සංගමය ඇතුළු සංගම් රැසක් මේ සඳහා එක්ව සිටිති.ගුරුවරුන් තම සේවා ස්ථාන වෙත විදුලි පණිවිඩ යැවීම සඳහා තැපැල් කාර්යාල තුළ දිගු පෝලිම් ගැසී සිටින අයුරු ද දක්නට ලැබුණි.
(ඩබ්.ඒ පියතිලක, රංජිත් රාජපක්ෂ, ප්‍රසාද් රුක්මල්, කාංචන කුමාර ආරියදාස, පාලිත ආරියවංශ, රොමේෂ් මධුෂංක, තරංග ගුණරත්න, කේෂර ගුණතිලක, ප්‍රියාණි මංගලිකා,අජිත්ලාල් ශාන්ත, හිරාන් ප්‍රියංකර, දයාරත්න ඇඹෝගම, ටී. එල්. ජව්ෆර්කාන් සහ තුසිත කුමාර ද සිල්වා , බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පාලිත ආරියවංශ)



( ඡායාරූප- ඩබ්ලිව්. පියතිලක )




(ප්‍රසාද් රුක්මල් - බදුල්ල)



(රංජිත් රාජපක්ෂ - වතුකරයේ පාසල්)





(කාංචන කුමාර ආරියදාස- දඹුල්ල)



(රොමේෂ් මධුශංඛ - උතුර)


(කේෂර ගුණතිලක-බිබිල)



(ප්‍රියානි මංගලිකා -නිකවැරටිය)





(හිරාන් ප්‍රියංකර ජයසිංහ-පුත්තලම)


(දයාරත්න ඇඹෝගම - උතුරු මැද)



(ටී. එල්. ජව්ෆර්කාන් - මඩකලපුව)


(තුසිත කුමාර ද සිල්වා-කළුතර)


(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම)




(පාලිත ආරියවංශ- බදුල්ල)

