”පොලිස් මුදලාලිට” බොරු මුතු විකුණයි
මහවැලි ජනපදයක් වන වැලිකන්දේ නිධානයකින් ගත් මුතු බව පවසා මුතු ඇට 1500 ක් රුපියල් 75000 කට විකිණීමට තැත් කළ පස්දෙනෙක් ගම්පොල කොට්ඨාස අපරාධ බුද්ධි අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. එම පස් දෙනා නොදැන සිටි කාරණය වූයේ මුදලාලි කෙනකුසේ වෙස් වළාගෙන සිටි පොලිස් නිලධාරියකු සමග ඔවුන් ගනුදෙනු කළ බවයි. එම කණ්ඩායමේ තිදෙනෙක් මහනුවර වත්තේගම පදිංචිකරුවෝය. දෙදෙනෙක් අරලගංවිල පදිංචිකරුවෝය.

