”පිහි චීනාට” අත්හිටැවූ හිරදඬුවම්


රුපියල් තිස්දාහක මුදල් ගනුදෙනුවක් මත චීන සගයකුට පිහියෙන් ඇන බරපතල තුවාල කළැයි වරද පිළිගත් චීන ජාතික ෂේ ෂැංහයිට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා වසරක සිර දඬුවමක් පනවා එය පස් වසරකට අත්හිටැවීය. රුපියල් 1500 ක දඩයක්ද ගසා තුවාලකරුට රුපියල් ලක්‍ෂයක වන්දි ගෙවන ලෙසද නියම කළේය. 2012 පෙබරවාරියේ සිදුවූ පිහි ඇනුමෙන් තුවාල ලබා සනීප වී සිටි චීන ජාතිකයා එම වන්දිය ප‍්‍රතික්ෂේප කළේය. වන්දිය හය මාසයක් යනතුරු උසාවියේ තැන්පත් කර තබන ලෙස නියෝග කළ මහේස්ත‍්‍රාත් ඒ කාලයේදී ඔහු එය නොගන්නේ නම් මුදල රාජසන්තක වෙතියි කීවේය.