”එක හැන්දකින් කාටත් බෙදනු”
ගැටුම් නිරාකරණයේදී එක් එක් රටවලට එක් එක් ආකාරයෙන් සැලකීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රතිපත්ති වලට පටහැනි බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළු සැසිවාරය අමතමින් පැවැසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව අර්බුදවලට විසඳුම් සෙවීමේ වේදිකාවක් විය යුතු බවත් එහි සාමාජික රටවල ස්වෛරි භාවය සම අන්දමින් සැලකීමට කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා සාමාජික රටවල් 193 ක නියෝජිතයින් හමුවේ කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තෝරාගත් රටවලට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම එම පද්ධතිය කෙරෙහි සාමාජික රටවල විශ්වාසය බිඳවැටීමටද හේතුවිය හැකි බවත් හේ කීවේය.
ඉකුත් වසරේ ලංකාව ලැබූ ආර්ථික හා සමාජීය සංවර්ධනය පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවන්ට සහාය වන බාහිර බලපෑම් ලංකාවේ සාමය හා සංහිඳියා කි‍්‍රයාමාර්ග බිඳ හෙලීමටද හේතුවන බවය. ඒවා වැළැක්වීමට රජය කැපවීමෙන් කටයුතු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

