”ආරක්‍ෂාව දෙන්න පොලිස්පතිට බැරිවුණා”


අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීමට පෙර සිටම තර්ජන එල්ල වී තිබුණත් ඔහුට ආරක්‍ෂාව සැලසීමට පොලිස්පති අපොහොසත්වීයැයි ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නීති සංගමයේ සභාපති ආර්.ඒ.ජී. රණසිංහ හා ලේකම් ප‍්‍රදීප් ගමගේ මහත්වරු අලූත්කඬේදී අද පැවැසූහ. නීතිඥ සංගමයද අධිකරණ සේවා සේවක සංගම් සමුළුවද දෙපැත්තකින් අලූත්කඬේට අවුත් නිහඬව විරෝධය දැක්වූහ. රජයත් පොලිසියත් මෙවැනි වැඩට යළි ඉඩ නොදී නීතිය හා යුක්තිය ඉටු කළ යුතුයැයි ද ඔවුහු කීහ.