”අපුර අධ්‍යාපන ඇමැතිට ඉන්න තැනක් නෑ”


තමාට උතුරුමැද පළාත් අධ්‍යාපන අමැතිකම ලැබී ඇතත් ඊට කාර්යාලයක් හා ලේකම්වරයකු නැතැයි ඇමැති පේෂල ජයරත්න මහතා කියයි. අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු ඔහුට ලැබිණි. ඔහු මීට පෙර පරිවාස සහ ළමා රක්‍ෂණ සෞඛ්‍ය ඇමැති විය. තමාට ලැබුණු ඇමැති පදවිට ග‍්‍රාමීය යටිතල පහසුකම් වැනි අමාත්‍යාංශ ඇවැසි බවත් මේ බව ආණ්ඩුකාරවරයාට ජනපතිට හා ආර්ථික සංවර්ධන ඇමැතිට දැන්වූ බවත් ජයරත්න මහතා කියයි. අද මා වැඩ බාරගන්න ආවා. ඉන්න තැනකුත් නැහැ. ලේකම්වරයකුත් නැහැයි ඔහු එසැණට කීවේය. ඔහුට කාර්යාලයක් ලබාදිය හැකි බව ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා කියා ඇත.