“වසරක් ගියත් මිලියන 144කින් කරපු දෙයක් නෑ“


(සිරාජ් හසීම්)
 

මිලියන 144ක මුදලක් උතුරු පළාත් ආණ්ඩුකාර අරමුදලින් පළාත් සභාවට ලබාගෙන වසරක් ගතව ඇතත් එම මුදල්වලින් එක් සතයක්  හෝ මෙතෙක් වැය කර නැතැයි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා පවසයි.

පසුගිය කාලය තුළ උතුරු පළාත් සභාව විසින් සිදුකළ කාර්යබාරය නැවත සලකාබැලීම සදහා විශේෂ පළාත් සභා සැසිවාරයක් අද(21) කැදවූ අතර මෙහිදී සභාපතිවරයා මේ බව අවධාරණය කළේය.

“යුද්ධයෙන් පීඩාවට පත්වූ වැන්දඹු පවුල්,දෙමාපියන් අහිමි දරුවන්,දරුවන් අහිමි වූ දෙමාපියන් සදහා එම මුදල්වලින් උපකාර කිරීමට පළාත් සභාවේදී තීරණය කළා.මේ මුදල් පළාත් සභාවට ලබාගෙන වසරක් ගිහිල්ලත් මේ වනතෙක් සතයක්වත් වියදම් නොකර උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ගිණුමේ තියෙනවා.දැන් වනිතා කටයුතු ඇමති විදිහට ආනන්දි ශෂිදරන් පත්වෙලා ඉන්නවා.අගතියට පත්වුණ අයට සහාය වීම සදහා මේ මුදල් යොදවන්න වැඩපිළිවෙළක් හදන්න කියල මම ඉල්ලා සිටිනවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.