“අලි තෝම්බුව නැතිවූ කතාව බොරුවක් “


වනජීවී දෙපාර්තමේන්තුවේ අලි තෝම්බුව නැතවූවා යැයි පසුගිය රජයේ අමාත්‍යවරු කී කතාව බොරුවක් බවත් තමන් අමාත්‍යාංශයට ගොස් අලිපොත නැතිවීමේ සිද්ධිය ගැන සොයා බැලීමට අවශ්‍ය බව කී විට එහි නිලධාරීන් අලි පොත තිබෙන බවත් එය කිසි දිනකු නැති වූයේ නැතැයි ප්‍රකාශ කළ බවත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මින් සුළු වේලාවකට පෙර පුද්ගලික නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

එම නාලිකාවේ සාකච්ඡාවට පැමිණීමට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අනවසර අලි යම් අයකු සන්තකයේ සිටීනම් එම අලි රජයට භාර දීමට කෙටි කාලයක් ලබාදෙන බවයි. වනජීවී නිලධාරින් හොර අලි සොයා ඒමට පෙර අලි භාරදෙන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අලි අම්මලා මරා පැටවු පැහැරගත් අලි හොරු අලි පැටවු මරා දැමීම වැළැක්වීමට මේ ආකාරයේ සහනයක් ලබාදෙන බවයි.