“අපේ වැඩේ අපි හරියට කළා“


(රංජන් කස්තුරි)

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සකස් කළ පාරිසරික ඇගයීම් වාර්තාව විද්වත් කමිටුවක් මගින් තාක්ෂණිකව ක්‍රියාවලියකට යටත්ව ඉතා නිවැරදිව සකස් කළ බවට ඉතා වගකීම් සහගතව ප්‍රකාශ කරන බව එම වාර්තාව සකස් කිරීමට දායකවූ විද්වත් කමිටුවේ සාමාජිකයෝ පවසති.

එවැනි ව්‍යාපෘතියක් සඳහා සකස් කළ පාරිසරික වාර්තාව අනුමත වූ පසුව ඊට අනුව අනෙකුත් කටයුතු කිරීමේ වගකීම වෙනත් වගකිවයුතු අංශවලට පැවරෙන අතර වාර්තාව අනුමතවීමෙන් පසුව ඊට සම්බන්ධවීමේ වගකීමක් තමන්ට නැතැයි ද ඔවුහූ කීහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ දී අද(20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුහු මේ බව පැවසූහ.

මහාචාර්ය ස්වර්ණා පියසිරි, මහාචාර්ය එම්.එම් පත්මලාල් ,කේ.ඒ ඩබ්ලිව් කොඩිතුවක්කු ,ආචාර්ය කමල් රණතුංග ,ඩී.ඒ.ජේ රන්වල,මහාචාර්ය බී.එම්.පී සිංහකුමාර,මහාචාර්ය කේ.ඒ.ඩබ් නන්දලාල්,මහාචාර්ය පී.බී මණ්ඩාවල සහ අචාර්ය ප්‍රසන්න ගුණවර්ධන යන මහත්ම මහත්මීහු මේ සාකච්ඡාවට එක්වූහ.