’’සිරිමාවෝ’’ ජනපති කාර්යාලයට


(අංජුල මහික වීරරත්න)

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (19)  පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වී තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය මෙහිදී නායකත්වය, පෞරුෂ සංවර්ධනය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව සිසුවියන් දැනුවත් කළාය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ එමගින් පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව පෙන්වා දෙන ලදී.