
(සුජිත් හේවාජුලිගේ )
කුමන තර්ජන ආවත් මත්පැන් ප්‍රමිතිය හා ස්ටිකරය අනිවාර්ය කිරීම ඇතුළු නීති රැසක් ලබන මස 1 වෙනිදා සිට ගෙන එන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතා පැවසීය.
මත්පැන් ප්‍රමිතිය අනිවාර්ය කිරීම නිසා මත්පැන් නිෂ්පාදනය සියයට 9 කින්ද සුරාබදු ආදායම සියයට 17 කින්ද වැඩිවූ බව හෙතෙම සඳහන් කළේය.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

