’ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් කරනවා’


අඛණ්ඩව ජාතික මට්ටමින් කරන ලද දැනුවත් කිරීම් සහ අධ්‍යාපන වැඩසටහන් නිසා 2018 වසරේදී ශ්‍රී ලංකාව තුළ බිම්බෝම්බවලින් තුවාල ලැබු සහ විපතට පත්වූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව සංඛ්‍යාව ‘0’ දක්වා අඩු කරගැනීමට හැකියාව ලැබුණු බවත් ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීම මීළඟ පියවර බවත් ජිනීවා හී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ඒ.එල්.ඒ. අසීස් මහතා ඉකුත් දා සඳහන් කළේය.

 
පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යවල සහභාගීත්වයෙන් එහි සිව්වැනි සමාලෝචන සමුළුව නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරදී නොවැම්බර් මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්විණි.  
 

තානාපති ඒ.එල්.ඒ. අසීස් මහතා ඉහත කරුණු සඳහන් කළේ එම සමුළුවේදීය.

 
මෙහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගීතා සහ සහකාර සංවිධානය යටතේ තානාපති ඒ.එල්.ඒ. අසීස් මහතා අදහස් දැක්වූ අතර ඊට අමතරව ජෙලදීපන් මහත්මිය ද මෙම සමුළුවේදී අදහස් දැක්වූවාය.

 
සමාලෝචන ක්‍රියාවලියේ දී බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියේ සභාපති ලෙස කරන ලද කාර්යභාරයට ඒ.එල්.ඒ. අසීස් මහතා සහ ජෙලදීපන් මහත්මිය නෝර්වේ රාජ්‍යයට සුබ පැතුම් එක් කළහ.

  
ජිනීවා හී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ඒ.එල්.ඒ. අසීස්, නෝර්වේහි ශ්‍රී ලංකා තානාපතිනි අරූෂා කුරේ, නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් සමන්මලී අතලුගම, ශ්‍රි ලංකාව බිම්බෝම්බ වලින් නිදහස් කිරීම සඳහා ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙලදීපන් යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමාලෝචන සමුළුවට සහභාගී වූහ. 
 

එම ප්‍රඥාප්තියට අත්සන් තැබූ රටවල නියෝජිතයන්, නිරීක්ෂණ රටවල් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු 600කට වැඩි පිරිසක් මෙම සමුළුවට සහභාගී වූහ. 

 

055