’බැඳුම්කර මගඩිය යට ගහන්න මා බිල්ලට දුන්නා’ - විජයදාස


(රංජන් කස්තුරි)

”මේ තරම් රටේ ජාතික සම්පත් මංකොල්ලකන, විකුණාගෙන කන, ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයේ සිටීම ලජ්ජා සහගත බව මට මගේ හෘද සාක්ෂිය හැමවිටම කිව්වා” යැයි හිටපු අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂව මහතා කොළඹ දී බදාදා (23) පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින් අත්සන් කළ හම්බන්තොට වරාය ගිවිසුම හිස් කඩදාසියක්  බවත් එහි කිසිදු නීතිමය වටිනාකමක් නැති බවත් රාජපක්ෂ  මහතා කීවේය. විජයදාස රාජපක්ෂ  මහතා මෙසේ පැවසුවේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් පසුව කොළඹ අලූත්කඩේ අධිකරණ අමාත්‍යාංශයට පැමිණ එහි සේවක සේවිකාවන්ට සමුදීමෙන් අනතුරුව ජනමාධ්‍යයට අදහස් දක්වමිනි.

පණ්ඩුකාභය රජ සමයේ සිට මේ දක්වා මේ රටේ සිදුවූ දැවැන්තම මංකොල්ලය වන බැඳුම්කර මගඩිය වසාගැනීම සඳහා එහි මහ මොළකරුවන් තමාගේ ඇමැති ධුරය බිල්ලට ගත් බවද ඔහු කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ  මහතා මෙසේද පැවසීය.

”අපේ රටේ ඉතිහාසය පුරාම අධිකරණ ඇමැතිවරුන්ට තිබුණ චෝදනාවක් තමයි නීතිපති දෙපාර්තමේන්තුවට හා අධිකරණයට බලපෑම් කිරීම. එහෙත් අධිකරණ ඇමැතිවරයා ලෙස මට ආපු චෝදනාව තමයි අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකිරීම. මා මේ රටේ ජනතාවට කිවයුතු මගේ සිද්ධියට සම්බන්ධ ආසන්නතම හේතුන් දෙකක් තිබෙනවා.

ඉන් පළමුවැන්න තමයි හම්බන්තොට වරාය බදුදීම රටේ ආණ්ඩුකරයට ම ව්‍යවස්ථාවට පටහැනියි. අපේ කැබිනට් මණ්ඩලය සාමුහිකව ආණ්ඩුකරයට ම ව්‍යවස්ථාව උල්ලංඝණය කළා. ඒක මම හෙළිදරව් කළාට කැබිනට් සාමුහික වගකීම උල්ලංඝණය කළ බව කියමින් මට චෝදනා කරනවා. ආණ්ඩුකර කැම ව්‍යවස්ථාවේ 157 වැනි ව්‍යව්සථාව අනුව ආයෝජන කටයුත්තකට හම්බන්තොට වරාය වගේ ගනුදෙනුවකට ඇතුළත්වීමේ දී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ යුතුයි.

එම යෝජනාව පාර්ලිමේන්තුවේ නොපැමිණ සිටි මන්ත්‍රීවරුන් ද ඇතුළුව තුනෙන් දෙකකින් සම්මත කර ගත යුතුයි. ඒක එහෙම වුණේ නැහැ. ඒ නිසා හම්බන්තොට ගිවිසුම කඩදාසි කොළයක් විතරයි. එය බලශුන්‍යයි. කිසිදු නීතිමය වටිනාකමක් එම ලියවිල්ලට නැහැ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට වරායේ මෙහෙයුම් කටයුතුවලට අදාළ ගනුදෙනු කිරීමට බලයක් තිබෙනවා. ඒත් වරායක් පැවරීමට බදුදීමට බලයක් නැහැ. ඒක ආණ්ඩුකරයක ම  ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. මේක මම හෙළිකළාම මට එරෙහිව කුපිත වූ කණ්ඩායමක් හිටියා.

මා කියන්න  ඕනෑ චන්ද්රි්කා ආණ්ඩුවේ වරක් මම ඇමැතිකම බාරගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිකම මාස පහෙන් දාලා ගියා. අද මම අස්කරපු ඇමැතිවරයෙක්. බැඳුම්කර ගනුදෙනුවේ මහමොළකරුවන් හෙළිදරව් වෙනකොට ෆුට්නෝට් කල්ලියේ ගනුදෙනු එළියට එනවිට බයවෙලා සමහරු කෑ ගහනවා. බැඳුම්කර කොමිසමේ වාර්තාව ලැබුණු පසුව හොරුන්ට දුෂිතයින්ට එරෙහිව නඩු දාන්න  ඕනෑ. ඒක රටේ ජනතාව බලාපොරොත්තු වෙන දෙයක්. නීතිපති දෙපාර්තමේන්තුව මා යටතේ ස්වාධීන නිසා මේවා වහන්න අමාරුයි. ඒ නිසා මේ අධිකරණ ඇමතිවරයා ඉවත් කරන්න, නීතිපති දෙපාර්තමේන්තුවේ කොන්ද කඩන්න මේ අය තීන්දු කළා.

ඉකුත් 15 වැනි බදාදා නීතිපති තුමා  අරලිය ගහ මන්දිරයට කැඳෙව්වා. චණ්ඩි මන්ත්‍රීවරුත් පසුපෙළ  මන්ත්‍රීවරුනුත් ගෙනත් නීතිපතිට අපහාස උපහාස කළා. නියෝග දුන්නා තෝරාගත්  නඩු තරහකාරයන්ගේ නඩු සති දෙකක් ඇතුළත පැවරිය යුතුයි කියලා. ඒක තමයි දුෂිතයින්ට ආරක්ෂා  වෙන්න පුළුවන් හොඳම උපක්‍රමය.

රාජපක්ෂම ආණ්ඩුව කාලේ සිදුවීම් හා සම්බන්ධ නඩු පරුවනමාද කරන බවට මට චෝදනාවක් කරනවා. බැඳුම්කර මගඩිය යට ගහගන්න මාව බිල්ලට දුන්නා. මම මතක් කරන්නම් එදා 2007 කෝප් වාර්තාව හරහා මම මහින්ද රාජපක්ෂල ජනාධිපතිට අභියෝග කරලා එළියට බැහැලා එනකොට ඔය අද කෑකෝ ගහන බොහෝ පිරිසක් හිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ හුරතල් වේවි.

එදා 2002 එජාප ආණ්ඩුව කාලේ රටේ ජාතික සම්පත් වික්කා. ශ්‍රී ලංගමය මිලියන 860 කට වික්කා රවි වෙත්තසිංහට. ශ්‍රී  ලංකා රක්ෂණ සංස්ථාවේ බිලියන 125 ක වත්කමක් තිබුණා. ඒක බිලියන 6 කට වික්කා. ඇපලෝ රෝහල රටට අහිමි වුණා. කෝප් වාර්තාව හරහා මේවා හෙළිදරව් කළේ අපි. නඩු පවරලා නැවත රටේ සම්පත් බේරාගත්තා. එදා සත පහක්වත් නැතිව කොළඹ වරායේ අක්කර 8 1/2 ක් දීලා තිබුණා. මා මැදිහත්වෙලා ඒවා ජනතාවට නැවත ලබාදුන්නා. මේ තරම් රටේ සම්පත් විකුණන ආණ්ඩුවක් ගැන ජනතාව තීන්දුවක් ගනීවි.

මගේ දේශපාලන ගමන ගැන මම පසුව කියන්නම්. ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නවා. ඇවන්ගාඞ් සිද්ධිය ගැනත් මට චෝදනා කරනවා. එදා මගේ මතය වැරදියි කිව්වා. හිටපු නීතිපතිවරයා තීන්දු කළේ ඇවන්ගාඞ් එකට එරෙහිව අපරාධ නඩුවක් පවරන්න බැහැ කියලයි. විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිතුමාට දීලා තියෙනවා. ඒකෙ තියෙන්නේ ඇවන්ගාඞ් එකේ නීති විරෝධී කටයුත්තක් වෙලා නැති බවයි.

ඇවන්ගාඞ් ගැන නීතිමය පියවරක් ගන්නේ නම් වර්තමාන ආරක්ෂාක ලේකම්වරයාත් අත්අඩංගුවට ගන්න  ඕනෑ. නාවික හමුදාව රතු මුහුදේ තිබෙන පාවෙන ඇවන්ගාඞ් නැවේ තමයි ආයුධ තැන්පත් කරන්නේ. නාවික හමුදාව ඒ නැවේ ආයුධ 500ක් විතර තැන්පත් කර තිබෙනවා” යැයිද විජයදාස රාජපක්ෂද මහතා කීවේය.