(හර්ෂණ තුෂාර සිල්වා)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කිසිසේත් එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (6) ප්‍රකාශ කළහ.
විධායක ජනපතිධුරය අහෝසි කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා කළත් එසේ කළ පමණින් එය කළ නොහැකි බවත් රතන හිමියෝ එහිදි කීහ.
රාජගිරිය ජයසේකරාරාමයේ පැවැති ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මෙසේ කීහ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඒ සඳහා ජනමත විමසුකට යා යුතු බව කී රතන හිමියෝ ජනමත විමසුකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට නොයන බව ජනාධිපතිවරයා තම මැතිවරණ ප්‍රකාශනය ඔස්සේ පොරොන්දු වී ඇති බව ද සිහිපත් කළහ.
ව්‍යවස්ථා සංශෝධනයට තමන් වහන්සේලා කිසිසේත් විරුද්ධ නැති බවත් ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ මැතිවරණ ප්‍රකාශනයේදී පොරොන්දු වූ පරිදි බවත් රතන හිමියෝ කීහ.

