(මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි)
දිගින් දිගටම පක්ෂ නායකත්වයේ කටයුතු කරන්නට තමන්ගේ බලාපොරොත්තුවක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ට දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව මාධ්‍යයට හෙළිදරව් කළේය.
“අලුත් පක්‍ෂයක් හැදෙන බවට කටකතා පැතිරෙනවා, ඒ ගැන කීමට ඇත්තේ කුමක්දැයි” පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ අලුත් පක්‍ෂයක් හැදීමක් අවශ්‍යතාවක් නැති බවත්, එක්සත් ජාතික පක්ෂය දෙකඩ නොවී තමා ඉවත්වීමට සූදානම් බවත් රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙන බවයි.
විපක්ෂ නායකයා කවුරුන්ද යන්න සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කොට තීරණය කෙරෙන බවද පක්‍ෂය ආරක්‍ෂා වන පරිදි ඉතා ඉක්මණින් එම තීරණය ගැනීමට නියමිත බවද මහලේකම්වරයා සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයකු වුවද ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය.
විපක්ෂ නායකයා ලෙසින් රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන්න‘යි තමන් කතා නායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ වගකීම නිසා බවද කාරියවසම් මහතා පැවසීය.
“මම එහෙම කළේ ඒ තනතුර දිගු කාලයක් හිස්ව තියන්න බැරි නිසයි. ඒත් පාර්ලිමේන්තු කණ්ඩායමත් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් එකතුවෙලා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්“ යයිද එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්වරයා පැවසීය.

