‘‘ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය ලොවටම ආදර්ශයක්“


ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලෝකයට ආදර්ශයක් යැයිද එය රැක ගැනීමට ඕනෑම කැප කිරීමක් කරන්නේ යැයිද ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීලාංකික තරුණියක වන මේනහා කන්දසාමි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවේ උද්ඝෝෂණයකදී පැවසුවාය.  ඕස්ටේ‍්‍රලියා රජය අධ්‍යපන හා වෘත්තීය පුහුණු ආයතන වලට ලබාදෙන පහසුකම් කප්පාදු කිරීමට එරෙහිව මේ උද්ඝෝෂණය පැවැත්විණි. ලංකා වතු කම්කරුවන්ගේ (රතු කොඩි) කාන්තා පෙරමුණේ සභාපතිනිය වන ඈ පැවසූයේ   ශ‍්‍රී ලංකා රජය වතුකරයේ පාසල් නගාසිටුවීමට ලබාදෙන මුදල් ප‍්‍රතිපාදන නිසිලෙස වතුකරයේ ප‍්‍රධානීන්  ඊට  යොදවන්නේ නැති බවත්,  ඕස්ටේ‍්‍රලියා  රජයටද අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන නගාසිටුවීමට පැහැදිලි වැඩ පිළිවෙලක් නොමැති බවත්ය.