‘‘විශ‍්‍රාම ගියාට පසු තනතුරු වලට පක්‍ෂවලින් ආරාධනා ලැබුණා‘‘


(අප්සරා යෝසිත් විජේසූරිය)

විශ‍්‍රාම ගත්තාට පසු මම  තීරණය කළේ වරප‍්‍රසාද ලබාගන්න නෙවෙයි,වසර 71 ක් මේ ජනතාව පීඩා විඳින ක‍්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍යයි,විශ‍්‍රාම ගියාට පසුව නොයෙක් තනතුරු සඳහා පක්‍ෂවලින් මට ආරාධනා ලැබුණා, යැයි ජනපති අපේක්‍ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද (02) රත්නපුරේ දී පැවසීය.

රත්නපුර මහ සමන් දේවාලයේ විශේෂ දේව පූජාවක්  සඳහා  සහභාගිවීමෙන්  පසුව පැවති විශේෂ සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.

රත්නපුර ප‍්‍රදේශයේ ව්‍යාපාරික හා විද්වත් පිරිසක් විසින් සංවිධානය මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ හිටපු යුද හමුදාපතිවරයා මෙසේද පැවසීය.

     ‘‘ඒ ඒ දේශපාලන පක්‍ෂවල ආධාරකරුවෙකු වරප‍්‍රසාද ලබාගැනීමට වඩා  කළයුතු දේ ලෙස මා තීරණය කළේ මේ රටේ කියවන දැනෙන හැඟෙන දුක්විඳින ජනතාව සමඟ එක්වන කටයුතු කිරීමටත් ඉතාමත් පසුවෙන් නිල්පාට හෝ වෙනත් පාටක් හිමි පක්‍ෂවල ආරක්‍ෂක ඇමතිවෙන්න නැතිනම් අමාත්‍යංශ ලේකම්කම හරි ගන්න මට හැකියාව තිබුණා.

වසර තිස් හතක් මා හමුදා සේවය කළා. වසර දෙකක් හමුදාපති. මට කියන්න පුළුවන්ද මගේ දරුවන්ට මේ රට අනාරක්‍ෂිතයි ඕස්ට්‍රේලියාවට යන්න රට ඉදිරියට යන පාටක් නෑ කියා මට කියන්න. මේ අනිත් හැමෝටමත් තත්ත්වය එසේමයි. ඇති හැකි අය එසේ පිටරට වලට ගියා. නැති අය බැන බැන ඉන්නවා.

රටේ විවිධාකාර කර්මාන්ත මගින් ආදායම් උපයන ජනතාවක් සිටිනවා. ඒ ඒ අයගේ ප‍්‍රශ්නවලට සුදුසු නියාමන ක‍්‍රම විවිධයි. හරියට ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල් ගෙඩි වගේ.

අපේ ප‍්‍රතිපත්ති මාලාව දැන් සකස් කරලා තියෙනවා. හත්වැනිදා අපි කාර්යාලයක් බත්තරමුල්ලේදී විවෘත කරනවා. අද මේ හමුවදී මා කියන්නේ ඔබ ඔබට හමුවන විවිධ පිරිස අතරට ගෙයින් ගෙයට ගමින් ගමට මේ පණිවිඩය ගෙනයන්න‘‘ යැයි ඔහු එහිදී පැවසීය.