(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගමේ වර්තමාන කඩා වැටීමට මෙම වසර තුළ ඉවත්ව ගිය සභාපතිවරු තිදෙනා වගකිවයුතු බවත් නව සභාපතිවරයා ලෙස ගෑස් ව්‍යාපාරය සම්බන්ධ දැනුමක් ඇති පුද්ගලයකු පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සේවක සංවිධානය අද (12) පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එම සමාගමේ වැඩසහන් සහ ප්‍රචාරක කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ මහතා පැවසුවේ ලිට්‍රෝ සමාගම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ගෑස් නෞකාවකට මුදල් ගෙවීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවත් මෙම වසර තුළ ඉවත්ගිය අනිල් කොස්වත්ත, තෙෂාර ජයසිංහ සහ විජිත හේරත් යන මහත්වරුන්ගේ අදූරදර්ශී පාලනය වර්තමාන කඩාවැටීමට හේතු වූ බවත්ය.
බලධාරීන් දැන්වත් තටිටුමාරු සභාපතිවරු පත්කිරීම නවත්වා වර්තමාන අර්බුදයට මුහුණදියා හැකි දැවැන්ත සහ පළපුරුදු සභාපතිවරයෙක් පත්කිරීමට කටයුතු කළ යුතු බව කී කොළඹහෙට්ටිගේ මහතා ලාභ ලබන ආයතනයක්ව තිබූ ලිට්‍රෝ සමාගම මේ වන විට රුපියල් බිලියන 10 ක් (කෝටි 1000) ණය ආයතනයක් බවට පත්කර ඇති බව ද සඳහන් කළේය.
ලිට්‍රෝ සමාගම 2019 වසරේ මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 14 ක් ලාභංශ ලෙසත් රුපියල් මිලියන 37 ක් බදු ලෙසත් ගෙවා තිබූ රුපියල් බිලියන 20 ක ඉතුරුම් පැවැති ආයතනයක් බවත් සභාපතිවරුන්ගේ තකතීරු පාලන හේතුවෙන් පසුගිය වසර තුන තුළ ආයතනය කඩා වැටීම නිසා මේ වන විට බැංකුවලින් ඇප තැබිය යුතු තත්වයට පත්ව ඇති බවත් කොළඹහෙට්ටිගේ මහතා කීය.